අරාබි ලීගයෙන් පලස්තීනය ඉවත් වෙයි



බහරේනය සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය ඊශ්‍රායලය සමඟ යහපත් සබඳතා ඇති කර ගැනීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින්, පලස්තීන පාලන අධිකාරිය අරාබි ලීගයෙන් ඉවත් වීමට තීරණය කළේය.

රාජ්‍ය තාන්ත්‍රික සබඳතා කිරීමට විරෝධය පළ කරමින්, මාස 6 ක කාලයක් සඳහා අරාබි ලීගයේ සභාපති ධුරය හිමිවී තිබුණේ පලස්තීන පාලන අධිකාරියටය. පලස්තීන පාලන අධිකාරියේ විදේශ ඇමැති රියාද් අල් මලීකි මධ්‍ය හමුවේ කියා සිටියේ, අරාබි ලීගයේ සභාපති ධුරයෙන් මෙන්ම සාමාජිකත්වයෙන් ද පලස්තීනය ඉවත් වන බවය.

බහරේනය සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය පලස්තීනුවන්ට ද්‍රෝහී වෙමින් ඊශ්‍රායලය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පැවැත්වීමට තීරණය කිරීම තමන් දැඩි ලෙස හෙලා දකින බව ද පලස්තීන විදේශ ඇමැති විදේශ ඇමැති රියාද් අල් මලීකි වැඩි දුරටත් කියා සිටියේය. බහරේනය සහ එක්සත් අරාබි එමිරේට්ස්, යුදෙව් ඊශ්‍රායලය සමඟ සබඳතා තහවුරු කර ගත්තේ ඇමෙරිකාවේ මැදිහත් වීමෙනි.

රාමල්ලාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS