අරාබි එමීරයෙන් ආධාර



 
කේරළ ප්‍රාන්තයට බලපා තිබෙන ගංවතුර හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා ඉන්දීය රුපියල් කෝටි 12.5ක සහනාධාරයක් ලබාදෙන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ඉන්දීය සම්භවයක් සහිත ව්‍යාපාරිකයන් විසින්  නිවේදනය කරනු ලැබ තිබේ.
 
ඉන්දියාවේ දකුණු දිග ප්‍රාන්තයක් වන කේරළ ප්‍රාන්තයට බලපා ඇති මෙම ගංවතුර  තත්ත්වය වසර 100කට පසු එම ප්‍රාන්තයට බලපෑ දරුණුතම ගංවතුර යැයි ද පැවසේ. ප්‍රාන්තයේ වැව් 80කට වාං දොරටු විවෘත කර තිබෙන අතර ප්‍රාන්තයේ සියලු ගංඟා පිටාර යමින් තිබේ.
ගංවතුර හේතුවෙන් සිය දහස් ගණනක් අවතැන් වී සිටින අතර මියගිය සංඛ්‍යාව 400කට ආසන්න බව පැවසේ. 
 
හර්ෂණ තුෂාර සිල්වා
ටයිම්ස් ඔෆ් ඉන්දියා

RECOMMEND POSTS