අරාබි එමීරයට විරෝධයක්



ලිබියාවේ සන්නද්ධ කණ්ඩායම්වලට අවි ආයුද සහ ප්‍රහාරක හෙලිකොප්ටර් ලබා දුන්නැයි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට චෝදනා එල්ල වී ඇත.

ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් ලිබියාව ‘අසාර්ථක වුණු රාජ්‍යයක්’ ලෙස නම් කරනු ලැබ තිබේ.

ගඩාෆි ඝාතනය කිරීමෙන් පසු සන්නද්ධ කණ්ඩායම් රටේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරයි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ලිබියාවට ආයුද ලබා දීමට එරෙහිව සෙසු රටවලට තහංචි පනවා ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය අවි ආයුද සහ යුදෝපාකරණ ලබා දී ඇත්තේ එසේ සන්නද්ධ කණ්ඩායමකට නායකත්වය දෙන ජනරාල් කලීෆා හෆ්ටාරිට යැයි ද වාර්තා වේ.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS