අරාබි එමීරයට යන්න සූදානම්



ලබන වසරේ පෙබරවාරියේ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ සංචාරය කරනු ඇතැයි වතිකානය නිවේදනය කර ඇත.

පාප්තුමන් මුස්ලිම් බහුතරයක් වෙසෙන එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට පැමිණීමට නියමිතව ඇතැයි පැවැසෙන්නේ ලබන පෙබරවාරි 3 වැනිදා සිට 5 තෙක් කාලයේය.

අබුඩාබි බලා පැමිණෙන්නැයි පාප්තුමන්ට ආරාධනා කරනු ලැබුවේ ෂෙයික් මොහොමද් බින් සයාද් අල් නහ්යාන් විසිනි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS