අර්බුදයට රුසියාව - තුර්කිය අත දමයි



ඊශ්‍රායල පලස්තීන අර්බුදය හෙවත් ‘මැදපෙරදිග අර්බුදය’ විසඳීම සම්බන්ධයෙන් මින් ඉදිරියට ඇමෙරිකාව හෝ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හෝ ඉදිරිපත් කරන කිසිදු සාම යෝජනාවලියක් පිළිගන්නේ නැතැයි පලස්තීන ජනාධිපති මොහොමද් අබ්බාස් කියයි.

ඒ අනුව, මැදපරෙදිග කලාපය සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති පුටින් සහ නේටෝ සාමාජික රාජ්‍යයක් වන තුර්කියේ ජනපති එර්ඩෙගොන් හඳුන්වා දීමට සූදානම් වන සාම යෝජනාවලිය කෙරෙහි අවධානය යොමු කරන බව ද පලස්තීන ජනපතිවරයා වැඩි දුරටත් කියා සිටී.

පලස්තීන සහ ඇමෙරිකා ජනපති ට්‍රම්ප් අතරේ මේ අයුරින් නොහොඳ නෝක්කඩු නිර්මාණය වූයේ ට්‍රම්ප්, ජෙරුසිලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීම මුල්කොට ගනිමිනි.

(ඬේලිමේල්)

 


RECOMMEND POSTS