අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා



ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ තුර්කි ජනාධිපති තායිප් එර්දොවාන් සිරියානු අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ.

සිරියාවේ තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරියේදීත් සමීප සබඳතා පවත්වා ගැනීමටත් ඒ පිළිබඳව සාකච්ඡා පැවැත්වීමටත් නායකයන් දෙදෙනා එකඟතාව පළ කළ බව ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

කෙසේ වෙතත් ධවල මන්දිරය මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු කිසිවක් ප්‍රකාශයට පත් කළේ නැත.

හර්ෂණ තුෂාර සිල්වා

(රොයිටර්)


RECOMMEND POSTS