අර්බුදය විසඳා ගන්න ඕනෑ



කටාර් රාජ්‍යය මුල්කොට ගනිමින් ගල්ෆ් කලාපයේ නිර්මාණය වී ඇති අර්බුදය කෙසේ හෝ සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම කළ යුතු බවත්, එම අර්බුදය දිග්ගැස්සීමෙන් සිදුවන්නේ ගල්ෆ් කලාපය අස්ථාවර වීම බවත් කුවේට් එමීර්වරයා පැහැදිලි කරයි.

කුවේට් එමීර්වරයා මේ බව කියා සිටියේ එරට ජාතික මන්ත්‍රණ සභාවේ 15 වැනි සැසියට සහභාගී වෙමිනි.

ගල්ෆ් අර්බුදය නිර්මාණය වූයේ කටාර් රාජ්‍යය ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වනවා යැයි සෞදිය, බහරේනය, ඊජිප්තුව සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය චෝදනා නිසාය.

ඔවුන් සම්බාධක පනවමින්, රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නවතා දමමින් කටාර් රාජ්‍යය හුදෙකලා කර තිබේ.

පවතින අර්බුදය විසඳීමෙහිලා මැදහත්කරුවකු වීමට කුවේට් රාජ්‍යය උත්සාහ ගන්නා නමුත් එය මෙතෙක් සාර්ථක වී නැත.

‘ගල්ෆ් කලාපය අපේ නිවස. ගල්ෆ් කලාපයේ රටවල් අතරේ බෙදීමක් හටගත්තොත් එම නිවස කඩා වැටෙනවා. එසේ වෙන්න ඉඩ දෙන්න හොඳ නැහැ. ගල්ෆ් කලාපීය රටවල් එක පවුලේ සහෝදරයන්. සහෝදරයන් අතරේ නොහොඳ නෝක්කඩු තිබෙන්න හොඳ නැහැ.’ යැයි කුවේට් එමීර්වරයා පැහැදිලි කළේය.

(ද පෙනින්සියුලා)

 


RECOMMEND POSTS