අර්බුදය විසඳන්න සැලැස්මක්



ඊශ්‍රායල පලස්තීන අර්බුදයට විසඳුමක් ලෙස ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හඳුන්වා දුන් ‘නව සාම සැලැස්මට’, කලාපිය අරාබි රටවල් හතරක් කැමැත්ත පළ කර ඇත.

මෙසේ කැමැත්ත පළ කළ රටවල් වන්නේ සෞදි අරාබිය, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය, ඊජිප්තුව සහ ජෝර්දානයයි.
ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් මෙම සාම සැලැස්ම සකස් කර ඇත්තේ ඊශ්‍රායල වැසියන්ගේ අයිතීන් සුරැකීමට මුල්තැන දෙමින් යැයි පැවැසෙයි.

නව සාම සැලැස්ම කෙසේදැයි යන්න සෞදි, ජෝර්දාන, එක්සත් අරාබි එමිරේට්ස් සහ ඊජිප්තු නායකයන්ට දැනුම් දෙනු ලැබ ඇත්තේ ට්‍රම්ප්ගේ බෑණා මෙන්ම ඔහුගේ උපදේශකයකු ලෙස කටයුතු කරන ජෙරාඞ් කුෂ්නර් විසිනි. එම රටවල් පවසා ඇත්තේ ට්‍රම්ප්ගේ සාම සැලැස්ම වෙනුවෙන් ඔවුන් සහාය පළ කරන බවත්, එය සාර්ථක කර ගැනීමට කටයුතු කරන බවත්ය.

පලස්තීනුවන් මෙන්ම ඊශ්‍රායල වැසියන් ද සම ලෙස අයිතිවාසිකම් කියන ජෙරුසලම, ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීමටත්, ඇමෙරිකා තානාපති කාර්යාලය ජෙරුසලටම මාරු කිරීමටත් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ට්‍රම්ප්ගේ මෙම තීරණය ඊශ්‍රායලයත් පලස්තීනයත් අතර පවතින අර්බුදය උග්‍ර කිරීමට හේතුවක් විය. ඇමෙරිකා ජනාධිපති ඉදිරිපත් කරන කිසිදු සාම සැලැස්මකට තමන් එකඟ නොවන බවය.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS