අර්බුදය ඉක්මනින් අවසන් වේවි



සෞදිය, බහරේනය, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය, ඊජිප්තුව සහ කටාරය අතර පවතින අර්බුදය ‘පහව යනු’ ඇතැයි කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී කියයි.

සෞදිය සහ ඔවුන්ට හිතවත් රටවල් කටර් රාජ්‍යය සමඟ අමනාප වී, එරටට සම්බාධක පනවා හුදෙකලා කර තිබේ.
එසේ වුවත්, ආර්ථිකය ශක්තිමත්ව පවත්වා ගෙන යෑමටත්, එය දිගටම එසේ පවත්වාගෙන යෑමට හැකි බවත් කටාර් එමීර්වරයා පැහැදිලි කර තිබේ.

කටාර් එමීර්වරයා මේ බව කියා සිටියේ එරට ෂූරා කවුන්සිලය (පාර්ලිමේන්තුව) අමතමිනි.

දිගටම තෙල් විකිණීමේ කටයුතු සිදු කරන බවත්, බලශක්ති අපනයනකරුවකු විදියට කටාරය ලොව අංක එකේ ස්ථානයක පසුවන බවත් කටාර් එමීර්වරයා පෙන්වා දුන්නේය.

(අල් ජසීරා)


RECOMMEND POSTS