අර්ධකාලීන රැකියාවලට අවසර



එමිරේට්ස් රාජ්‍යයේ සමාගම්වලට අර්ධකාලීන රැකියා සඳහා විදේශ ශ්‍රමිකයින් හෝ එමිරේට්ස් වැසියන් බඳවාගැනීමට එමිරේට්ස් මානව සම්පත් සහ එමිරේට්කරන අමාත්‍යාංශය අවසර ලබාදී ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

ප්‍රධානසමාගමේ හිමිකරුවාගේ කැමැත්තකින් තොරව විදේශ ශ්‍රමිකයින්ට හෝ එමිරේට්ස් වැසියන්ට වෙනත් සමාගමක හෝ සමාගම් කීපයක අර්ධකාලීන වශයෙන් සේවයේ යෙදීමට සහ සමාගම්වලට සේවකයින් බඳවා ගැනීමට අදාල අවසරය අනුව හැකියාව ලැබේ.

අර්ධකාලීන රැකියා කිරීමට අපේක්ෂා කරනවිදේශ ශ්‍රමිකයින් හෝ එමිරේට්ස් වැසියන් එමිරේට්ස් මානව සම්පත් සහ එමිරේට්කරන අමාත්‍යාංශයෙන් අවසර ලබාගත යුතු ව ඇති අතර ඒ සඳහා අමාත්‍යාංශය ඉදිරිපත් කර ඇති කොන්දේසි ද සම්පූර්ණ කළ යුතු වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS