අයිස් ගෙන්න සූදානම්



මැදපෙරදිග ජල හිඟයට පිළියමක් ලෙස ඇන්ටාක්ටික් කලාපයෙන් අයිස් කුට්ටි රැගෙන ඒමේ නියමු වැඩසටහනක් ආරම්භ කිරීමට එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සූදානම් වෙයි.

අයිස් කුට්ටි එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය අසල මුහුදට ඇදගෙන ඒම නැව් යොදා ගනිමින් සිදු කිරීම ලබන වසරේදී නියමිත බව ද පැවැසෙයි.

නියමු වැඩසටහන සාර්ථක වන්නේ නම්, 2020 වෙද්දී අයිස්කුට්ටි එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය අසල මුහුදට රැගෙන එනු ඇති බවත්, ඒ වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 50 ත් 60 ත් වැයවනු ඇති බවත් පැවැසෙයි.

 (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS