අයි.එස්.ත්‍රස්තයෝ ඉරාකයේ පොලිස් නිලධාරින් 300ක් මරා වළ දමලා



අයි.එස් ත්‍රස්තවාදීන් විසින් මීට සති 3කට ඉහතදී පොලිස් නිලධාරීන් 300ක් ඝාතනය කර සමූහ මීනිවළක් තුළ වළදමා ඇති බව වාර්තාවේ.

මෙම සිදුවීම සිදුවී ඇත්තේ දකුණු දිග මොසූල් නගරයේ හම්මාන් අල්-අලිල් නගරයේ බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය කියා සිටියි.

මේ අතර රොයිටර් පුවත් සේවය වාර්තා කරන අන්දමට මෙම ප්‍රදේශයේ දිංචි කරුවන් ප්‍රකාශ කරන්නේ මෙම පොලිස් නිලධාරීන්ව මෘග අයි.එස් ත්‍රස්තවාදීන් විසින් හිසගසා දමා හෝ වෙඩිතබා ඝාතනය කර ඇති බවයි. 

පදිංචි කරුවන් වැඩිදුරටත් කියා සිටියේ  අයි.එස් ත්‍රස්ථවාදීන් නගරයෙන් පසුබැසීමට පෙර 200 පමණ  මරාදමා ඇති බවයි.

ගම්මාන වල සහ නගරවල සිටි 2000ක පමණ පිරිසකගෙන් හිටපු පොලිස් නිලධාරීන් වෙන්කරගත් අතර සටන්කාමීන් සමග ගමන් කරන ලෙසට පොලිස් නිලධාරීන්ට අණකොට ඇත.

ඉන් අනතුරුව පොලිස් නිළධාරීන් සමග සටන්කාමීන් උතුරුදිග මොසූල්වලට හා ටල් අෆ්රා නගරයට පසුබැස ඇති බව  හියුමන් රයිට්ස් වොච් සංවිධානය කියා සිටියේය.

පසුව මෙම මෙම පොලිස් නිලධාරීන්ව 100-125 පමණ විශාල ට්‍රක් රථයක නංවාගෙන කෘෂිකර්ම විද්‍යාලය අසල ඇති මෙම විශාල වළ වෙත රැගෙන යන ලදී. මෙයින් සමහරු හිටපු පොලිස් නිලධාරීන් ලෙස හදුනාගෙන ඇත. ඉන් විනාඩි කීපයකට පසුව වෙඩි හඩ හා පුද්ගලයින්ගේ කෑගැසීම ඇසෙන්නට විය.

ඔක්තෝබර් 29දින රාත්‍රියෙත් පොලිස් නිලධාරීන් 130-145ක් පමණ ඝාතනයකර ඇති බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය කියා සිටියේය. මේ අතර ගම් වැසියෙකු වන යම්මාම් අල්-අලීල්ගේ සාක්ෂි අනුව මෙම ප්‍ර දේශයෙන් ස්වයංක්‍රීය ගිනි අවි හඩ එකදිගට දවස් 3ක් ඇසුණු බව ඔහු කියයි.

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක


RECOMMEND POSTS