අයි.එස් ත්‍රස්තයන් සමග සම්බන්ධකම් පැවැත්වූ සෞදි වෛද්‍යවරයා අධිකරණයට



ඉරාකයේ හා සිරියාවේ සිටින අයි.එස් ත්‍රස්තයන් සමග සම්බන්ධකම් පැවැත්වූ යයි සැක පිට සෞදි වෛද්‍යවරයෙකු සෞදි විමර්ශන හා මහජන නඩු කාර්යාංශය මගින් රියාද් නුවර අපරාධ අධිකරණයට ඉදිරිපත් කර ඇත. 

මෙසේ අධිකරණයට ඉදිරිපත් කිරීමට ප්‍රධානතම හේතුවී ඇත්තේ වෛද්‍යවරයා සිරියාව තුල ගැටුම පවතින කලාපවලට ගොස්  හා ත්‍රස්තවාදී කණ්ඩායම් වල සාමාජිකයන්ට සහ නායකයින්ට ප්‍රතිකාර කර ඇති බව තහවුරු වීම නිසාය.

මෙහු වෛද්‍ය විද්‍යාලයක ආචාර්යවරයෙකු ලෙස ද සේවය කරන බව තහවුරු වී ඇත.

ත්‍රස්ත නායකයින් හමුවීම සදහාද වෛද්‍යවරයා ගොස් ඇති අතර ටුවිටර් සමාජජාල වෙබ් අඩවිය ඔස්සේ ත්‍රස්ත සංවිධන ප්‍රවර්ධනය සදහා දායකවී ඇති බව කරන ලද විමර්ෂණ වලදී තවුරුවී ඇත.

සියළු කරුණු සලකා බැලීමෙන් අනතුරුව අපරාධ අධිකරණය මගින් වෛද්‍යවරයාට විරුද්ධව නීතිමය පියවර ගනු ඇත.

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS