අයි.එස්. සංවිධානය මුලිනුපුටා දමනවා



ඇමෙරිකන් හමුදා සිරියාවෙන් ඉවත් කරගැනීම අවසන් වන්නේ අයි.එස්.අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන් මුලිනුපුටා දැමීමෙන් පසුව යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසයි.

මේ වනවිට ජනපති ට්‍රම්ප්ගේ උපදෙස් පරිදි සිරියාවෙන් ඇමෙරිකන් හමුදා ඉවත් කර ගැනීමේ කටයුතු ආරම්භ වී ඇති බව වාර්තා වේ. ට්‍රම්ප් පෙන්වා දී ඇත්තේ, මේ වනවිට ඇමෙරිකන් හමුදා හේතුවෙන් අයි.එස්. ත්‍රස්තවාදීන් දැඩි පසුබෑමකට ලක් වී සිටින බවය.

ඇමෙරිකන් හමුදා එකවර සිරියාවෙන් පිටව ගියහොත්, මර්දනයට ලක් වුණු ත්‍රස්තවාදීන් යළි නැගී සිටීමේ අවදානමක් ඇති හෙයින්, හමුදා ඉවත් කර ගැනීම ක්‍රමාණුකූලව සිදු කරන බව ද ඇමෙරිකන් ජනාධිපතිවරයා මාධ්‍ය හමුවක් පවත්වමින් පැහැදිලි කර තිබේ.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS