අයි.එස්. වගකීම බාරගනී



ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර ෂියා මුස්ලිම් බහුතරයක් වෙසෙන සදාර් දිස්ත්‍රික්කයේ පසුගිය දා පුපුරා ගිය කාර් බෝම්බය තමන් විසින් සිදු කළේ යැයි අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තයෝ කියති.

කාර් බෝම්බය පුපුරා ගියේ වෙළෙඳ පොළකය. එයින් 11 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ අතර 26 ක් තුවාල ලැබූහ. මියගිය සහ තුවාල ලැබූවන් අතර ඉරාක ආරක්ෂක අංශ සාමාජිකයන් ද සිටින බව පැවැසෙයි.

තුවාල ලැබූවන් බැග්ඩෑඩයේ රෝහල් දෙකකට යැවූ බවත්, ඔවුන් අතරින් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතල බවත් වාර්තා වේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS