අයි.එස්. මාධ්‍ය ඇමැති ගුවන් ප්‍රහාරයකින් මියයයි



ඉරාක ගුවන් හමුදාව විසින් මොසූල් නගරයට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් අයි.එස් ත්‍රස්ත සංවිධානයේ මාධ්‍ය ඇමති, විලායෙට් නයින්වා මියයයි. 

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් නිලධාරීන් කියා සිටියේ ඉරාක ගුවන් හමුදා විසින්  නිනිව්හ් පලාතේ ක්‍රියාත්මක කරන ලද ගුවන් ප්‍රහාර මගින් විලායෙට් නයින්වා මියගිය බවයි.

අන්තවාදීන් විසින් සිය නායකයාගේ අවමගුල් උත්සවය දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යෙය් මොසූල් නගරයේ නැගෙනහිර වෙරළ තීරයේ අල්-හයි අල්-අරාබි හිදි සිදුකර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්කර තිබිණි.

මොසූල් නගරය මුදාගැනීම සදහා එකාබද්ධ ආරක්ෂක හමුදා විසින් දැඩි ප්‍රහාරයන් දිගින් දිගටම එල්ල කරන බවත් මෙම එකාබද්ධ හමුදාවන්ට යුධ හමුදා, ගුවන් හමුදා සහ ජාත්‍යන්තර සභාග භට පිරිස් අයත් වේ.

මෙම ප්‍රහාරයන් 2016 ඔක්තොබර් 17වන දින සිට ක්‍රියාත්මක කරන බව සන්නද්ධ හමුදාපති හයිඩර් අල්-ඇබාදි කියා සිටියේය.

 

(ඉරාකි නිවුස් ඇසුරෙනි) ජානක ප්‍රියදර්ශන ජයතිලක


RECOMMEND POSTS