අයි.එස්. බිහි කළේ ඇමෙරිකාව



සිරියාවේ සැඟවී සිටි අයි.එස්. නායක අබ් බකර් අල් බැග්ඩෑඩි ඝාතනය සම්බන්ධයෙන් ඇමෙරිකා හමුදාවටත්, ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප්ටත් සුබ පැතුම් හිමිවෙද්දී, ඉරානයෙන් ඇමෙරිකාවට විවේචන එල්ල වී ඇත.

ඇමෙරිකාව විවේචනය කර ඇත්තේ ඉරාන ජනමාධ්‍ය ඇමැති මොහොමද් ජවාද් අසාරි ජහ්රෝමිය. ඇමෙරිකාවේ එදිරිවාදියකු ලෙස සැලකෙන ඉරානය ඇමෙරිකාවට චෝදනා නගා ඇත්තේ අයි.එස්. ත්‍රස්ත සංවිධානය බිහි කළේ ඇමෙරිකාව බවය.

‘අයි.එස්. සංවිධානය බිහි කළේත් ශක්තිමත් කළේත් ඇමෙරිකාව. ඇමෙරිකාව විසින් නිර්මාණය කළ ඒ නරුමයා ඇමෙරිකාව විසින් මරා දමනු ලබනවා. ඒක ජය්‍රහණයක් වෙන්නේ නැහැ’ යැයි ඇමැති මොහොමද් ජවාද් අසාරි ජහ්රෝමි නිකුත් කළ ට්විටර් පණිවුඩයක සඳහන් වෙයි.

තෙහෙරාන්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS