අයි.එස්. නායකයාගෙන් හඬ පටයක්



අයි.එස්.අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩෑඩි යළිත් වරක් හඬ පටයක් නිකුත් කර ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

එම හඬ පටය හරහා අල් බැග්ඩෑඩි, ඉරාකයේත් සිරියාවේත් සිරකඳවුරුවල රඳවා තබාගෙන සිටින අයි.එස්. සාමාජිකයන්, ඔවුන්ගේ බිරින්දෑවරුන් සහ දරුවන් ගැන කතා කරයි.

අල් බැග්ඩෑඩි, සෙසු අයි.එස්. සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ, කඳවුරුවල සිටින මෙම පිරිස් බේරා ගැනීමට වහා මෙහෙයුම් ආරම්භ කරන ලෙසය.

අල් බැග්ඩෑඩිගේ  මිනිත්තු 30 ක මෙම හඬපටය නිකුත් කරනු ලැබ ඇත්තේ ‘අල් ෆක්රාන්’ වෙබ් අඩවිය ඔස්සේය. අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ නිවේදන ප්‍රසිද්ධියට පත් කිරීම සිදුවන්නේ මෙම අල් ෆක්රාන් වෙබ් අඩවිය හරහාය.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS