අයි.එස්. නායකයා තාම ඉන්නවා



අයි.එස් සංවිධානයේ නායක අබු බකාර් අල් බකාඩි තවමත් ජිවතුන් අතර සිටන බවට තමා විශ්වාස කරන බව ඇමෙරිකානු ඉහළ පෙළේ හමුදා ප්‍රධානියෙකු ප්‍රකාශ කර ඇත.

අයි.එස් නායකයා පසුගිය මැයි මාසයේදී රුසියාව එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් මියයන්නට ඇති බව රුසියාව මීට පෙර ප්‍රකාශ කර තිබුණි.

කෙසේ වෙතත් ඇමෙරිකානු හමුදා ප්‍රධානියෙකු වන ජෙනරාල් ස්ටෙෆන් ටවුන්සෙන්ඩ් ප්‍රකාශ කර ඇත්තේ අල් බකාඩි තව දුරටත් ඉරාකයේ සහ සිරියාව අතර අයි.එස් සටන්කාමින් සතු ප්‍රදේශයක සැගව සිටින බවට තමන් විශ්වාස කරන බවය.

( තිළිණි ද සිල්වා )

ගල්ෆ් නිව්ස් ඇසුරෙනි


RECOMMEND POSTS