අයි.එස්. ත්‍රස්තයන්ට වල් ඌරු ප්‍රහාරයක්



ඉරාකයේ කර්කක් නගරය ආසන්නයේ ආරක්ෂක මුරපොලක සිටි අයි.එස් ත්‍රස්ත සාමාජිකයින්ට වල් ඌරන් පහර දීම හේතුවෙන් සාමාජිකයින් තුන්දෙනෙකු ජිවිතක්ෂයට පත්වී ඇති බව කුර්දිස් හමුදාවන් ප්‍රකාශ කළේය.

අයි.එස්  ත්‍රස්තයින්ගෙන් ගොවිබිම් හරහා පැමිණෙන සරණාගතයින් මොවුන්ගේ සිරුර නගරයේ නිරිතදිග ප්‍රදේශයේදි දැක ඇති අතර වල් ඌරන්ගේ පහරදීම් හේතුවෙන් සිරුරු විකෘති වී ඇති බව වාර්තා වේ.

එම සාමාජිකයින් සතුව අවිආයුධ නොතිබු බව එම සරණාගතයින් ප්‍රකාශ කර ඇත.

අයි.එස් සාමාජාකයින්ගේ මරණයන් සම්බන්ධයෙන් අයි.එස් සංවිධානය ප්‍රතිචාර දක්වා ඇති බව කුර්දි බුද්ධි අංශයේ නියෝජ්‍ය ප්‍රධානි, බ්‍රි ගේඩියර් අසාද් ජේලාල් ප්‍රකාශ කළේය.

අවිආයුධ ඔවුන් සතුව නොතිබීම හේතුවෙන් අයි.එස් සංවිධානයෙන් පලායෑමට උත්සහ ගත් සාමාජිකයින් හෝ ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණ වල් ඌරන්ගෙන් ප්‍රහාරය එල්ල වූ පසු ඔවුන්ගේ අවිආයුධ රැගෙන අනිකුත් සාමාජිකයින් පලා ගොස් ඇති බවට සිතිය හැකි බව කුර්දි බුද්ධි අංශයේ නියෝජ්‍ය ප්‍රධානියා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ටෙලිග්‍රාෆ් ඇසුරිනි)


RECOMMEND POSTS