අමානුෂිකව ප්‍රවාහනය කරලා



ඕස්ට්‍රේලියාවේ සිට කුවේට් රාජ්‍යයට බැටළුවන් 50,000ක් ප්‍රවාහනය කළ නෞකාවක් අතරමඟඳි අත්හිටුවීමට ඕස්ට්‍රේලියානු බලධාරින් පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඉතා අමානුෂීය ආකාරයෙන් නෞකාව තුල බැටළුවන් රැගෙන යන ආකාරය දැක්වෙන වීඩියෝවක් සහ ඡායරූප කීපයක් ඕස්ට්‍රේලියානු සත්ව ක්‍රියාකාරි කණ්ඩායමක් අන්තර්ජාලයට එක්කිරීමත් සමගම ඕස්ට්‍රේලියානු බලධාරින්ට අදාල තීරණය ගැනීමට සිදු වු බව වාර්තා වේ.  

ආහාර නොමැතිව බැටළුවන් විශාල සංඛ්‍යාවක් නෞකාව තුල මියගොස් ඇති අතර අධික තදබදය හේතුවෙන් හුස්ම ගැනීමට නොහැකිව දඟලන ආකාරය අදාල විඩියෝවේ සටහන් වී ඇත.

නෞකාවේ සේවකයින් මියගිය විශාල බැටලුවන් ප්‍රමාණයක් මුහුදට විසිකරන ආකාරයද සටහන් වී ඇත

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS