අමාත්‍යාංශයෙන් අන්තර්ජාල සේවාවක්



කුවේටයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නවතම අන්තර්ජාල සේවාවක් දියත් කර ඇති බව වාර්තා වේ.

කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා අන්තර්ජාල සේවාව දියත් කිරීමට අමාත්‍යාංශය කටයුතු කර ඇත.

විදේශ ශ්‍රමිකයන්ගේ වීසා බලපත්‍රය එක් විදේශ ගමන් බලපත්‍රයකින් තවත් වි‍දේශ ගමන්බලපත්‍රයකට මාරු කරගැනීම,නම් ඉංග්‍රීසියට වෙනස් කරගැනීම, පදිංචිය අලුත් කරගැනීම සහ තවත් සේවාවන් රැසක් අභ්‍යන්තර කටයුතුඅමාත්‍යාංශයේ වෙබ් අඩවිය වන www.moi.gov.kw හරහා සිදුකර ගත හැකිය.

වෙබ් අඩවිය හරහා පදිංචිය අලුත් කිරීම කර ගත හැක්කේ මාර්තු මාසයේ වීසා බලපත්‍ර කල් ඉකුත් වූ අයට පමණි.

නීතිය කඩ කරන පුද්ගලයන්ට වසර තුනක් දක්වා සිර දඩුවමක් හා ඇමරිකානු ඩොලර් 32,267 ක දඩයක් නියම කෙරේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS