අමාත්‍යංශ සේවකයා බල්ලා නිසා අමාරුවේ



කුවේට් විදුලි බල සහ ජල අමාත්‍යාංශ සේවකයකු අමාත්‍යාංශය සතු කාරයකින් බල්ලෙකු රැගෙන යෑම නිසා ඔහුට විරුද්ධව නීතිමය පියවර ගැනීමට යන බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය.

කාරයේ විදුරුවක්විවෘත කර බල්ලාගේ හිස සහ ඉදිරිපස පාද  පැත්තට හිටින සේ රැගෙන ගොස් ඇති අතර මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකු විසින් රූගතකර අන්තර්ජාලයට දමා ඇති බව අමාත්‍යාංශ උප-ලේකම් මොහොමඩ් බුෂේරී කියා සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය කටයුතු කරගෙන යෑම සදහා කුවේට් මහජන නඩු පැවරුම් අධිකාරියට භාරදුන් බව අමාත්‍යාංශයට අයත් නිළ ටුවිටර් සමාජජාල ගිණුමේ සදහන් කොට ඇත.

අමාත්‍යාංශ කාරය පදවාගෙන ගිය රියදුරු මේවනවිටත් සේවයින් ඉවත් කර ඇති බව වාර්තා වන අතර අමාත්‍යාංශ සේවකයාට විරුද්ධව නීතිමය කටයුතු කිරීම සදහා අවශ්‍ය සියළුම පියවර ගන්නා බව අමාත්‍යාංශය ප්‍රකාශ කලේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
ජී.එන්.ඩී. ඔන්ලයින් ඇසුරිනි


RECOMMEND POSTS