අම්මාන් වෙළෙඳ සැලක වහළක් කැඩී 9ක් රෝහලේ



බටහිර අම්මාන් නුවර ‘මැකා’ වෙළෙඳ සංකීර්ණ ගොඩනැගිල්ලේ වහලයක කොටසක් අද උදේ (29) හදිසියේ කඩා වැටීමෙන් පුද්ගලයෝ නව දෙනෙක් තුවාල ලැබූහ.
මැකා වෙළෙඳ සංකීර්ණ ගොඩනැගිල්ල අම්මාන් නුවර පිහිටි වඩාත් කාර්ය බහුල, බොහෝ දෙනා ගැවසෙන වෙළෙඳ ගොඩනැගිල්ලක් බව ද පැවැසෙයි.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසන්නේ, තුවාල ලැබූවන් කඩිනමින් රෝහල් ගත කළ බවය. කඩා වැටී ඇත්තේ ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් පැවැති කොටසට අයත් වහලයකි.
ගොඩනැගිල්ල විශාල කිරීමේ අරමුණින් එහි ඉදිකිරීම් සිදුවන බව ද පැවැසෙයි. අනතුර සම්බන්ධයෙන් සොයා බලන බව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසා ඇත.
 


RECOMMEND POSTS