අම්මාගේ තැන ලාංකික ආයම්මාට දුන් එමිර් ජාතික තරුණයා



තමා කුඩා කාලයේ සිට රැක බලාගත් ශ්‍රී ලාංකික ජාතික ආයම්මා මුළු ජීවිතකාලයේදීම බලා ගන්නා බවට ඇය හමුවේ පොරොන්දුවන අපූරු එමීර් ජාතික තරුණයෙකු ගැන සදහන් වීඩියෝ පටයක්  සමාජ මාධ්‍ය ඇතුළු අන්තර්ජාලය සේවා ඔස්සේ දැඩි අවධානයක් යොමු වී ඇත.

එම වීඩියෝ පටය කලීජ් ටයිම්ස් පුවත්පත් වෙබ් අඩවියේ පළ කර තිබූ අතර එහි සදහන් වන ආකාරයට සැලී නැමැති එම  ලාංකික කාන්තාවක වූ එම කාන්තාව වසර 36ක් පුරා එම එමීර් ජාතික මෙම තරැණයා සහ ඔහුගේ සහෝදරයින්  රැක බලා ගෙන ඇත.විවාහක ඇයට ඇයගේම දරැවන් නොමැති බවද සදහන්ය.

එසේ සේවය කරමින් සිටියදී එම ලාංකික කතගේ සැමියා හදිසියේම අසනීප වී ජීවිතක්ෂයට පත්ව ඇත.මෙම සිද්ධියෙන් දැඩි කම්පාවට පත් වේ යැයි කියන බියෙන් එම කණගාටුදායක පුවත තම ලාංකික ආයම්මාට නොපැවසීමට මෙම එමීර් ජාතික තරැණයා පියවර ගත්තේය.

ඒ අනුව ඇයට වහා ලංකාවට යෑමට ගුවන් ටිකට් පත් වෙන් කරවා ඇයගේ ගමනට අවශ්‍ය පහසුකම් ලබා දීමටද මෙම තරැණයා කටයුතු කර ඇත.සමාජ මාධ්‍ය වල පළ වන වීඩියෝ පටයේ සදහන් එම එමීර් තරැණයා විසින් සිය ලාංකික ආයම්මා ඉතාම ගෞරවයෙන් සහ ආදරයෙන් රැගෙන ගොස් ගුවන්තොටුපළ වෙත ඇරලවා ඇයගෙන සමුගන්නා ආකාරයයි.

ඇයට කිසිදු දුකක් දැනෙන්නට කටයුතු නොකරන මෙම තරැණයා තමාව සහ තම සහෝදර සහෝදරියන් කුඩා කාලයේදී බලා ගත් අයුරැ සිහිපත් කර දෙන අතරම එම තරැණයාගේ කාරැණික වදන් හමුවේ හැගුම්බරවන ආයම්මාද එම තරැණයාට ආශිර්වාද කරන අයුරැද වීඩියෝ පටයේ දැක්වේ.

එසේම ලංකාවට ගොස් යළි තමන් ඇතුළු පවුලේ පිරිස් සමග සේවකයෙකු මෙන් නොව මුළු ජීවිත කාලයේම සිටින්නට එනු ඇතැයි තමන් බලාපොරොත්තුව වන බව එම එමීර් ජාතික තරැණයා සිය ලාංකික ආයම්මා හමුවේ පවසා ඇත.එය අල්ලා දෙවියන්ගේ සහ තම පවුලේ කැමැත්ත බවද එම තරැණයා ඇයට පවසා ඇත.

අරාබි බසින් වචන හුවමාරැ වන මෙම වීඩියේ පටය මේ වන විට ඉන්ස්ටග්‍රෑම් , ඇතුළු විවිධ සමාජ මාධ්‍ය වල පළ වී ඇති අතර එය දෙලක්ෂ තිස් දහසකට වැඩි පිරිසක් නරඹා ඇති බව වාර්තාවේ.

 

( තිළිණි ද සිල්වා )

කලීජ් ටයිම්ස් ඇසුරෙනි.

 

 

 

. في مشهد إنساني مؤثر .. ودع مواطن إماراتي عاملة منزلية إلى موطنها #سيريلانكا، وفي قلبه حُرقة وغصة لاسيما أنها ستذهب لتلقي نظرة الوداع على زوجها الذي فارق الحياة، دون أن تدري بذلك. . المواطن -الذي فضل عدم ذكر اسمه- يروي لشبكة #رؤية_الإمارات الإعلامية تفاصيل الواقعة، حيث تلقى خبر وفاة زوج "سالي"، لكنه آثر إخبارها أنه في وعكةٍ صحية. . وقد أظهر مقطع الفيديو العاملة وهي تلح بالسؤال عن حال زوجها، فيما يقبل المواطن رأسها ويديها، ويخبرها أن إرادة الله هي التي ستكون. . وأفاد المواطن أن سالي التي لم ترزق بأبناء، عاملته وإخوته كأبناء لها على مدار 36 عاماً، فكانت تعطيهم النقود في صغرهم سراً لترسم ابتسامتهم، وكان لها الفضل في تحفيظه آية الكرسي منذ نعومة أظفاره، كما كانت أختاً لوالدته، وقدوةً للجميع في الأخلاق والعطاء. . ويعزم المواطن الشهم دعوة سالي للعيش مع الأسرة كفرد من أفرادها وليس بغرض العمل، لاسيما أنها فقدت والدتها منذ أربعة أشهر، مؤكداً أن ذلك من شيم الإماراتيين ومن باب رد الجميل لمن كانت نبعاً من الحنان والمحبة. . #رؤية_الإمارات #عين_في_كل_مكان . تحرير: #براء_الحريري

A post shared by رؤية الإمارات Emirates Vision (@evisionmn) on

 

 


RECOMMEND POSTS