අභ්‍යාවකාශ මධ්‍යස්ථානයක්



ප්‍රංශ අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට අයත් අභ්‍යාවකාශ අධ්‍යයන ජාතික මධ්‍යස්ථානයේ නියෝජිත කාර්යාලයක් අබුඩාබි නුවර විවෘත කළ බව වාර්තා වේ.

ප්‍රංශ අභ්‍යාවකාශ අධ්‍යයන ජාතික මධ්‍යස්ථානයේ නියෝජිත ආයතනයක් විදේශ රටක විවෘත කළ ප්‍රථම අවස්ථාව මෙය බව සඳහන් වේ.

එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයේ අභ්‍යාවකාශ ක්ෂේත්‍රෙය් දියුණුවට මහත් පිටිවහලක් ලැබෙනඅතර දේශගුණික විපර්යාස සහ පෘථිවිය පිළිබඳව නිරීක්ෂණය කිරීම සඳහා චන්ද්‍රිකාවක් නිර්මාණය කරගැනීමට අවසර හිමි වේ.

“අභ්‍යාවකාශ ක්ෂේත්‍රෙය් අනාගතය දියුණු කරගැනීමට නම් අදහස් හුවමාරු කරගත යුතු වෙනවා, ඒකට අපි හුගාක් මහන්සි වෙලා වැඩ කරන්න සහ වෙනස් විදියකට හිතන්න ඕනේ. දැණුමින් පොහොසත් විය යුතුයි. අභ්‍යාවකාශ ක්ෂේත්‍රය දියුණු කරගන්න එමිරේටය ගොඩක් මහන්සි වෙනවා. රටවල් දෙක අතර ඇති කරගත් සහයෝගිතාවය අභ්‍යාවකාශ ව්‍යාපෘති දැණුම හුවමාරු කරගන්න ගොඩක් වටිනවා.’’ යනුවෙන් ප්‍රංශ අභ්‍යාවකාශ අධ්‍යයන ජාතික මධ්‍යස්ථානයේ සභාපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ඇරේබියන් බිස්නස්)


RECOMMEND POSTS