අභ්‍යාවකාශ ගමන නිවේදනය කරයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ප්‍රථම අභ්‍යාවකාශ ගමන පිළිබඳව සියළුම තොරතුරු නිවේදනය කරන බව වාර්තා වේ.

මොහොමඩ් බින් රෂීඩ් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා අභ්‍යාවකාශ ගමනට අදාල සියළුම තොරතුරු දැණුම් දීමට ඉදිරියේදි කටයුතු කරන බව අභ්‍යාවකාශ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ය.

ප්‍රථම එමීරේට්ස්අභ්‍යාවකාශ ගගනගාමීන් තෝරාගැනීම සඳහා අයදුම්කරුවන් 4,000කට වැඩි පිරිසක් අයදුම් කළ අතර ඉහළ සුදුසුකම් සහිත අයදුම්කරුවන් දෙදෙනෙක් තෝරාගැනීමට මොහොමඩ් බින් රෂීඩ් අභ්‍යාවකාශ මධ්‍යස්ථානය පසුගිය වසරේ කටයුතු කළේ ය.

හසා අලි අබ්ඩන් කාල්ෆාන් අල්-මන්සූර් සහසුල්තාන් සේෆ් මෙෆ්ත හමාඩ් අල්-නියාඩි එමිරේට්ස් අභ්‍යාවකාශ ගගනගාමීන් දෙදෙනා ලෙස තෝරා ගත් අතර රුසියාවේ රුසියානු අභ්‍යාවකාශ ඒජන්සියේ ප්‍රවීණ විශේෂඥයින්ගේ අධීක්ෂණය යටතේ පුහුණුව ලබා දී ඇත.

දැනට ප්‍රකාශයට පත් කර ඇති තොරතුරු අනුව අභ්‍යාවකාශ ගමන 2019 අප්‍රේල් මාසයේදි සිදුවන බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)


RECOMMEND POSTS