අභ්‍යවකාශයට දිස්වන ඩුබායි නගරය



රුසියානු අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඩුබායි නගරයේ ඡායාරූප කීපයක් අන්තර්ජාලයට නිකුත් කිරීමට කටයුතු කර ඇත.

රුසියානු ගගනගාමීයෙක් වන ඔලෙග් ඉවානොවිච් ස්ක්‍රිපොච්කාඩුබායි නගරය රාත්‍රී කාලයට අභ්‍යවකාශයට දිස්වන ආකාරය ඡායාරූපවල සටහන් කරගැනීමට සමත් වී ඇත.  

“ජනගහනය 100,000 නොඉක්මවන කුඩා නගරයක් රාත්‍රියේදී විදුලි පහන් දැල්වෙන්නේ කෙසේද?” යනුවෙන් ඡායාරූප ලබාගන්නා අවස්ථාවේදි ගගනගාමියා ප්‍රකාශ කර ඇත.

“මෙම නගරය විශාලද, කුඩාද? නගරය අඳුනාගෙන ඔබේ අදහස් ප්‍රකාශ කරන්න.’’ යනුවෙන් රුසියානු අභ්‍යවකාශ මධ්‍යස්ථානයට අයත් ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාල ගිණුමේ පළ කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නගරය)

RECOMMEND POSTS