අභ්‍යන්තර ගුවන් ගමන් යළි අරඹයි



සෞදි අරාබිය අභ්‍යන්තර ගුවන් ගමන් මැයි 31දා සිට යළි ආරම්භ කරන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කරනවා.

කොරෝනා වසංගතය පැතිරීම අවම කිරීමේ ආරක්ෂිත පියවරයන්වල කොටසක් ලෙස අභ්‍යන්තර ගුවන් ගමන් අත්හිටුවීම සෞදි අරාබිය කටයුතු කළේ ය.

සති දෙකක් ඇතුළත සියලුම ගමනාන්ත ආවරණය වන පරිදි පියවරෙන් පියවර අභ්‍යන්තර ගුවන් ගමන් නැවත ආරම්භ කිරීම පියවර ගන්නා බව සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS