අබුඩාබියට නව පාසල්



ලබන සැප්තැම්බර් මාසයේදි ඇරඹෙන 2017-2018 පාසල්වාරය සඳහා නව පෞද්ගලික පාසල් හතක් අබුඩාබියේ ස්ථාපිත කිරීමට එක්සත් අරාබි එමීරයේ අධ්‍යාපන අමාත්‍යාංශය අනුමැති ලබා දී ඇත.

මෙම නව පෞද්ගලික පාසල් හත බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකා පාසල් වන අතර මේවා සියල්ල අබුඩාබියේ අල් අයින් ප්‍රෙදේශයේ ස්ථාපිත කිරීමට නියමිතය.

එමීර් හි සියලු අධ්‍යාපනික ප්‍රමිතීන්ට අනුකූල ලෙසින් මෙම නව පාසල් ස්ථාපිත කිරීමට එම පාලනාධිකාරීන් කටයුතු කිරීම නිසා එමීර් රජය මෙම පාසල් ඇරඹීම සඳහා අවසරය ලබා දී ඇත.

අලුතින් ඇරඹෙන නව එක් පාසලක  සිසුන් දෙදෙහසක් බැගින් වන පිරිස්  අධ්‍යාපනය ලබනු ඇත.

( තිළිණි ද සිල්වා )

ගල්ෆ් නිව්ස් ඇසුරෙනි.


RECOMMEND POSTS