අබුඩාබි-ටෙල්අවීව් ගුවන් ගමන්



ඊශ්‍රායලය සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය අතරේ හොඳ හිත වර්ධනය වීමත් සමඟ දිනපතා අබුඩාඩි සිට ටෙල් අවීව් දක්වාත්, ටෙල් අවීව් සිට අබුඩාබි දක්වාත් මගී ගුවන් ගමන් ආරම්භ කිරීමට සූදානම් බව පැවැසෙයි.

යුදෙව් ඊශ්‍රායලය සහ මුස්ලිම් එමිරේට්ස් රාජ්‍යය අතරේ හොඳ හිත වර්ධනය වූයේ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙනි. එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය පමණක් නොව, බහරේනය ද ඊශ්‍රායලය සමඟ මිතුරු කළේ ට්‍රම්ප් පරිපාලනයයි.

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ නිල ගුවන් සේවය වන 'එතිහාද්' පවසා ඇත්තේ මේ වනවිටත් ඊශ්‍රායලය බලා යෑමේ අරමුණින්, එමිරේට්ස් වැසියන් බොහෝ දෙනකු ප්‍රවේශ පත්‍ර වෙන් කරවා ගෙන ඇති බවය. ගුවන් ගමන් ආරම්භ වනු ඇත්තේ ලබන මාර්තු 28 වැනිදා සිටය.

(අල් ජසීරා)


RECOMMEND POSTS