අබුඩාබි ගුවන්තොටුපොළට ඩ්‍රෝන ප්‍රහාරයක්



එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබු ඩාබි ගුවන් තොටුපොළ ආසන්නයේ දී ඉන්ධන රැගත් ට්‍රක් රථ තුනක් පුපුරා ගොස් ඇතැයි වාර්තා වේ.

ඉරානයේ සහාය ලබන හූති කැරැලිකරුවන් මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි වාර්තා වේ.

යේමනයේ සිවිල් යුද්ධයේ එක් පාර්ශවයක් වන්නේ හූති කැරැලිකරුවන් වන අතර සෞදි අරාබියේ සහාය ලබන හමුදා සමඟ ඔවුහු සටන් වදිති. එම යුද්ධයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍ය ද සෞදි අරාබියාවේ සහාය ලබන සන්ධානයට සහාය දක්වයි.

හූති කැරැලිකරුවන් සෞදි අරාබිය මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරන අතර අවස්ථා කිහිපයකදීම එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ද එලෙස ප්‍රහාර එල්ල කර තිබේ. හූති කැරැලිකරුවන් මෙන්ම විශේෂයෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍ය ද එවැනි ප්‍රහාර එල්ල වූ බවට වන වාර්තා ප්‍රතික්ෂේප කරයි.

අඩු ඩාබි ගුවන් තොටුපොළ ආසන්නයේ දී ඉන්ධන රැගෙන යමින් තිබූ ට්‍රක් රථ තුනකට මෙලෙස ප්‍රහාර එල්ල වී තිබෙන අතර ඉන් පසු ගින්නවක් ඇති වී ඇතැයි අඩු ඩාබි පොලිසිය සඳහන් කළේ ය.

කුඩා ගුවන් යානා හෝ ඩ්‍රෝනා යානා යොදාගනිමින් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි මූලික පරීක්ෂණවලින් මේ වනවිට අනාවරණය වී තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS