අබුඩාබි කුමරු ගුරුතුමා බලන්න ගිහින්



අබුඩාබියේ ඔටුන්න හිමි කුමරු මෙන්ම එමිරේට්ස් නියෝජ්‍ය හමුදා අණ දෙන නිලධාරායා ද වන ෂයික් මොහොමද් බින් සෙයිද් අල් නහියාන් සිය පාසල් ගුරුවරයා වන  අහමද් ඉබ්රාහිම් මන්දි අල් තමිමිගේ කලීෆා නගරයේ පිහිටි නිවසටගොස් ඔහුගේ සුවදුක් විමසු බවජි.ඩි.එන්ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කරයි.

පාසල් කාලයේදි සිදුවු සිද්ධීන් පිළිබඳව මතකාවර්ජනයක්ද සිදුවු බව වාර්තා වන අතර දැනට එමිරේට්ස් රාජ්‍යයේ පවතින අධ්‍යාපන ක්‍රමය සම්බන්ධයෙන්ද දෙදෙනා අතර අදහස් හුවමාරු වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS