අබ්බාස් ට්‍රම්ප්ට දෙහි කපයි



ජෙරුසිලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීමට ඩොනල්ඞ් ට්‍රම්ප් ගත් තීරණය පලස්තීන ජනාධිපති මොහොමද් අබ්බාස් සිය අප්‍රසාදය පළ කර තිබේ.

ජනපති ට්‍රම්ප් ගත් තීරණය සම්බන්ධයෙන් තමා දැඩි ලෙස කනගාටු වන බව පවසමින් ට්‍රම්ප්ට දොස් නැගීමට ද පලස්තීන ජනපති අබ්බාස් කටයුතු කළේය.

ජෙරුසිලම සදාකාලීනය පලස්තීනයේ අගනුවර බවත් එය කිසිසේත් වෙනස් වන්නේ නැති බවත් පලස්තීන ජනාධිපති අබ්බාස් පැහැදිලි කර ඇත.

ඊශ්‍රායලයත් පලස්තීනයත් අතර සාමයට ට්‍රම්ප්ගේ මෙම තීරණය විශාල බාධාවක් බවත් පලස්තීන නායකයා පෙන්වා දී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS