අපරික්ෂාකාරිව ගිහින් දඩකයි



සෞදි අරාබියේ මාර්ගයක අපරික්ෂාකාරි අන්දමින් මෝටර් රථයක් ධාවනය කිරීම හේතුවෙන් සෞදි කාන්තාවකට එරෙහිව නඩු පැවරීමට සෞදි පොලීසිය කටයුතු කර ඇති අතර සෞදි රියාල් 20,000ක දඩ මුදලක් සහ මෝටර් රථය දින පහළොවක්පොලීස් භාරයේ රඳවා තබන ලෙසටඅධිකරණය නියෝග කර ඇති බව වාර්තා වේ.

සෞදි නීතිය අනුව, අපරීක්ෂාකාරි අන්දමින් රිය ධාවනය කර වැරදිකරුවන්වන පළමු අවස්ථාවේදිසෞදි රියාල් 20,000ක්ද දෙවන අවස්ථාවේදි සෞදි රියාල් 40,000ක්ද තුන්වන අවස්ථාවේදිසෞදි රියාල් 60,000ක දඩමුදලක් අයකරනු ලබන අතර වරදේ ස්භාවය අනුව මෝටර් රථය පොලිස් භාරයේ රඳවා තැබීමට අධිකරණය නියෝග කරන බව වාර්තා වේ.

සෞදි නොවන කාන්තාවක් අපරීක්ෂාකාරි අන්දමින් රියධාවනය කර වැරදිකාරිය වුවහොත් නඩුව අවසන් වනතුරු කාන්තා බන්ධානාගාරයක රඳවා තැබීමට කටයුතු කරන බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS