අපරාධ නඩු 3300% වැඩිවෙලා



කුවේටයේ පරිගණක අපරාධ නඩු සංඛ්‍යාව 3300%කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

2018 වර්ෂයේ මුල් මාස හය තුල පරිගණක අපරාධ නඩු 31ක් අධිකරණයට වාර්තා වී ඇති අතර 2019 වර්ෂයේ එම කාලය තුල දී වාර්තා වී ඇති නඩු සංඛ්‍යාව 1056කි.

බලහත්කාරයෙන් මුදල් ලබාගැනීමට තැත් කිරීම,අපහාස කිරීම, තර්ජන කිරීම,පෞද්ගලිකත්වය උල්ලංඝනය කිරීම, ගණිකා වෘත්තියේ යෙදවීම, ජංගම දුරකථන සහ සමාජ ජාල මාධ්‍ය අනිසි ලෙස භාවිතා කිරීමසහ වෙනත් පරිගණක අපරාධ වාර්තා වු පරිගණක අපරාධ අතර ප්‍රධාන තැනක් ගනියි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS