අපරාධ 22% කින් පහතට



කුවේටයේ සිදු වු අපරාධ සංඛ්‍යාව 2017ට සාපේක්ෂව 2018දි පහත වැටී ඇති බව වාර්තා වේ.

2017 වර්ෂයේදි අපරාධ 31,000ක් වාර්තා වී ඇති අතර 2018 දි 24,000දක්වා අඩු වී ඇති බව අල්-කාබස් වෙබ් අඩවිය වාර්තා කර ඇත. අදාල සංඛ්‍යා දත්තයන්ට අනුව, ප්‍රතිශතයක් ලෙස 22%කින් අපරාධ සංඛ්‍යාව පහත වැටී ඇත.

විවිධ අපරාධවලට සම්බන්ධ විදේශිකයන් 125ක් සහ යන්ත්‍ර මන්ත්‍ර කටයුතු කල විදේශිකයන් 15 දෙනෙක්ද පසුගිය වසරේ (2018) අත්අඩංගුවට ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අපරාධකරුවන් 220 දෙනෙක් අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු සිදුකර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS