අපට කරපු දේ අපි කරනවා



සාමාන්‍ය වැසියන් සංහාරයට සාධාරණය ඉටු කල යුතු යැයි පවසමින් මොසුල් නුවර අයි.එස් ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් වදින ඉරාක හමුදාවේ “වදකයා’’යන අනුවර්ථ නාමයෙන් හඳුන්වනහමුදා සාමාජිකයෙකු අයි.එස් ත්‍රස්තවාදීන්ගේ හිසගසා දමන ආකාරය විඩියේ කර ස්විඩන් වෙබ් අඩවියක් තුල පළකර ඇති බව ඉරාකි නිවුස් වෙඩ් අඩවිය වාර්තා කළේය.

“අපිට කරපු දේ අපිත් කළ යුතුයි. මම ඔබේ අම්මා, සහෝදරයා මරපු ඝාතකයින් හොයනවා’’යනුවෙන් ප්‍රකාශ කරමින් ෆාලා අසිස් නම් ඉරාක හමුදා සාමාජිකයා අයි.එස් ත්‍රස්තවාදීන්ගේ හිස ගසා දමා ඝාතනය කරන ආකාරය දැක්වෙන විඩියෝව ස්විඩන් වෙබ් අඩවිය තුල පළකර ඇත.

මම අයි.එස් ත්‍රස්තවාදීන් 130ගෙන් 50ගේ හිසගසා දැම්මා, වැඩිමහල් සහෝදරයින් හතර දෙනෙකු ඝාතනය කල  පලිය ගන්නෆාලා අසිස් ප්‍රකාශ කර ඇත

වෙබ් අඩවියේ පළ වු එක් විඩියෝවක ෆාලා අසිස් ලේ තැවරුණු පිහියක් රැගෙන සිටින ආකාරය සහ අයි.එස් ත්‍රස්ත නායකයකුගේ හිසක් අල්ලාගෙන සිටින තවත් හමුදා සාමාජිකයෙකු දක්නට ලැබේ. 

“මගේ ගෙදර අය මේ දේවල් වලට මොනවත් කියන්නේ නෑ, ඔවුනුත් සතුටු වෙනවා’’ ස්විඩන් වෙබ් අඩවිය සමඟ අදහස් ප්‍රකාශ කරමින් ෆාලා අසිස් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

අදාල විඩියෝව නැරඹිම සඳහා: https://youtu.be/WvY2fqycPZM

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ඉරාකිනිවුස් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS