අපට ඕනෑ අසාද් නැති සිරියාවක්: ඇමෙරිකාව කියයි



ඇමෙරිකාව බලාපොරොත්තු වෙන්නේ ජනාධිපති බෂීර් අල් අසාද් නැති සිරියාවක් යැයි එක්සත් ජාතීන්ගේ ඇමෙරිකානු තානාපති නිකී හේලී අවධාරණය කරයි.

එක්සත් ජාතීන්ගේ ඇමෙරිකානු තානාපතිවරිය වැඩි දුරටත් කියා සිටියේ ඇමෙරිකාව සෑහීමකට පත් වන්නේ සිරියානු ජනපති ධුරයෙන් බෂීර් අල් අසාද් ඉවත් වුවහොත් පමණක් කියාය.

‘අපි සෑහීමකට පත් වන්නේ අසාද් ඉවත් වුණොත් පමණයි. සිරියාවට ඒකීයත්වයක් සහ ස්ථාවරත්වයක් ලබා දිය හැක්කේ අසාද් ධුරයෙන් සමුගත්තොත් පමණයි’ යැයි නිකී හේලී කියා සිටියේය.

ඇය මේ බව කියා සිටියේ සිරියාව සම්බන්ධයෙන් ධවල මන්දිරයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.

එම මාධ්‍ය හමුව පැවැත්වූයේ සිරියානු අර්බුදය සහ සිරියානු අර්බුදයේ දී විපතට පත් වූවන් සහ උන්හිටිතැන් අහිමි වූවන් වෙනුවෙන් මානුෂීය මෙහෙයුම් සිදුවන්නේ කෙසේදැයි යන්න පැහැදිලි කිරීම සඳහාය.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS