අන්තර්ජාලයෙන් වීසා ගන්න



ඕමානයේ සංචාරය කරන පුද්ගලයන්ට අන්තර්ජාලය හරහා විද්‍යුත් වීසා ඉල්ලුම් කරන ලෙස ඕමාන් රාජකීය පොලීසිය නිවේදනය කර ඇත.

වීසා ලබාගැනීමේදි විදේශිකයන්ට සිදුවන අපහසුතාවන් සහවංචනික ක්‍රියාවන් වැළැක්වීමේ අරමුණින් අන්තර්ජාලය හරහා විද්‍යුත් වීසා ලබාදීමට පියවර ගත් බව ඕමාන් රාජකීය පොලීසිය ප්‍රකාශ කළේ ය.  

නවීන තාක්‍ෂණය සමඟ වේගයෙන් ගමන් කිරීම, විසා ලබාදීමේ ක්‍රියාවලිය පහසු කිරීම සහ වැඩි සංචාරකයන් ප්‍රමාණයක් ඕමානයට ගෙන්වා ගැනීම විද්‍යුත් වීසා ලබාදීමේ ප්‍රධාන අරමුණු අතර වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS