අන්තර්ජාලයෙන් වීසා අලුත් කරයි



කුවේටයේ රැදී සිටින විදේශ ශ්‍රමිකයන්ගේ වීසා අලුත් කිරීමඅන්තර්ජාලය හරහා සිදුකිරීමට යන බව වාර්තා වේ.

කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට අයත් නිල වෙබ් අඩවියට පිවිසීමෙන් වීසා අලුත් කරගත හැකි බව එම අමාත්‍යාංශය දැණුම් දෙයි.

අන්තර්ජාලය හරහා වීසා අලුත් කිරීම 2020 මාර්තු 01 දින ආරම්භ කිරීමෙන් පසු කුවේටයේ සිටින මිලියන 1.5ක විදේශ ශ්‍රමිකයන්ට ප්‍රතිලාභ සැළසෙන බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ නේවාසික කටයුතු පිළිබඳ සහකාර ලේකම්, මේජර් ජෙනරාල් තලාල් මාරෆි පැවසීය.

මුල් අදියරයේදී, ගෘහ සේවිකාවන්ගේ වීසා බලපත්‍ර අලුත් කිරීම ආරම්භ කරන බව සහකාර ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

නව ක්‍රමය යටතේ,වීසා බලපත්‍ර අලුත් කිරීම සඳහා තවදුරටත් නේවාසික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ කාර්යාලයට වාර්තා කිරීමට විදේශ ශ්‍රමිකයන්ට අවශ්‍ය නොවේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS