අන්තර්ජාල දුරකථන ඇමතුම් තහනම ඉවතට



අන්තර්ජාල දුරකථන ඇමතුම් තහනම ඉවත් කිරීමට සෞදි රජය තීරණය කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

මෙම තහනම ඊයේ (21) දින සිට ඉවත් කිරීමට කටයුතු යොදා තිබු බව වාර්තා වන අතර මෙම තහනම ඉවත් කිරීමට හේතුව ලෙස එරට රජය පෙන්වා දී ඇත්තේ බොරතෙල් අපනයනය කිරීමට අමතරව රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම සඳහා මෙම තීරණය ගත් බවකි.   

සෞදි අරාබිය විසින් 2011 වසරේදී මෙම තහනම පනවනු ලැබුවේ මැදපෙරදිග කලාපයේ පැතිර ගිය අරාබි වසන්තය හේතුවෙන් බව ද එම  වාර්තා කියයි.

මේ වනවිට අන්තර් ජාල  දුරකතන තහනම ඉවත් කර ඇති නිසා  දැන් සෞදි අරාබියේ සිට ස්කයිප්, වයිබර්, ෆේස්බුක් හරහා ඇමතුම් ලබාගැනීමේ හැකියාව ඇතැයි එම වාර්තා තව දුරටත් පෙන්වා දෙයි.

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS