අන්තර් ජාතික පරීක්ෂණයක්



ඉස්තාන්බුල් නුවර සෞදි තානාපති කාර්යාලයේ දී සෞදි මාධ්‍යවේදී ජමාල් කශොග්ජී ඝාතනයට ලක්වීමේ සිදුවීම සම්බන්ධයෙන් අන්තර් ජාතික නීතිරීතිවලට අනුකූලව අන්තර් ජාතික පරීක්ෂණයක් අවශ්‍ය බව තුර්කිය කියයි.

එවැනි අන්තර් ජාතික පරීක්ෂණයක් පවත්වන්නේ නම්, තමන්ගේ පූර්ණ සහාය ඊට හිමිවන බව තුර්කි රජය පෙන්වා දී ඇත. කෙසේ නමුත් තුර්කියේ මෙම අදහස සෞදිය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති බව ද පැවැසෙයි.

මේ අතර එක්සත් රාජධානිය සහ ප්‍රංශය ද දිගින් දිගටම සෞදියට බල කර ඇත්තේ ජමාල් කශොග්ජී ඝාතනය සම්බන්ධයෙන් විනිවිදභාවයකින් යුත් සාධාරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත්, සෞදියේ කීර්ති නාමය රැකගත යුතු බවත්ය.

(අල් ජසීරා)


RECOMMEND POSTS