අන්කාරා පුරපති සටනින් මන්සූර් යවාස් ඉදිරියට



තුර්කි නගරසභා මැතිවරණය පසුගිය දා පැවැත්වුණු අතර, එයින් ජනපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ යුක්තිය සහ සංවර්ධනය පක්ෂයේ අපේක්ෂිකාව පරාජය කරමින්, ඉදිරියට පැමිණ ඇත්තේ ජනතා පක්ෂ අපේක්ෂක මන්සූර් යවාස් ය.

නිල ප්‍රතිඵල ප්‍රකාශයට පත් වී නොමැති නමුත්, යුක්තිය සහ සංවර්ධනය පක්ෂයේ අපේක්ෂිකා මෙහේමෙත් ඔසාසේකී පවසා ඇත්තේ තමන් පරාජය බාර ගැනීමට සූදානම් බවය.

නගරසභා මැතිවරණයට පෙර පැවැති ජනමත සමීක්ෂණවලදී පවා අනාවරණය වී තිබුණේ 63 හැවිරිදි මන්සූර් යවාස් ජයග්‍රහණය කරනු ඇති බවය.

(අල් ජසීරා ඇසුරිනි)


RECOMMEND POSTS