අන්කාරා පුරපති ධුරයෙන් ඉවත් වෙයි



දීර්ඝ කාලයක් තිස්සේ තුර්කියේ අන්කාරා අගනුවර පුරපති මෙලීහ් ගොක්සෙක් එම ධුරයෙන් සමුගෙන ඇතැයි ඉරානයේ ප්‍රෙස් ටිවී පුවත් සේවය වාර්තා කරයි.

ගොග්සෙක්, අන්කාරා පුරපති ධුරයට සමුදී ඇත්තේ තුර්කි ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩෙගොන්ගෙන් එල්ල වුණු බලපෑම් නිසා යැයි ද පැවැසෙයි. පසුගිය කාලය පුරා දෙදෙනා අතර මත ගැටුම් පැවැතිණි.

ගොක්සෙක් අන්කාරා පුරපති ධුරය හෙබවූයේ 1994 වසරේ පටන්ය.

ගොග්සෙක්, ජනාධිපති එර්ඩගොන්ගේ සමීපතම මිතුරෙකු ලෙස කටයුතු කළ අයෙකි. එපමණක් නොව, ඔහු එර්ඩෙගොන්ගේ පාලක ‘යුක්තිය හා සංවර්ධනය’ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකි.

පක්ෂයේ ප්‍රතිපත්ති වෙනස් කිරීම් සම්බන්ධයෙන් ගොග්සෙක් සහ ජනාධිපතිවරයා අතර පසුගිය කාලයේ මත ගැටුම් පැවැතිණි. අවසානයේ දී එම මත ගැටුම් උත්සන්න වුණු බව ද වාර්තා විය.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS