අනතුරුවලින් 468ක් මරුට



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ සිදු වු මාර්ග අනතුරුවලින් පුද්ගලයින් 468ක් 2018 වර්ෂය තුල දී ජිවිතක්ෂයට පත් වී ඇත.

2018 වසර තුල මාර්ග අනතුරු 3,712ක් වාර්තා වී ඇති අතර 2017 වසරට සාපේක්ෂව 13.8%ක අඩු වීමකි.

2017 වර්ෂයේ මාර්ග අනතුරුවලින් පුද්ගලයන් 543 දෙනෙක් ජිවිතක්ෂයට පත් වී ඇත.

ලෝක ප්‍රමිතීන්ට අනුකූලව මාර්ග ආරක්ෂාව වැඩි කිරීම සඳහා පියවර ගෙන ඇති බව ඩුබායි පොලීසියේ සහකාර ප්‍රධානි (මෙහෙයුම්) සහ රථවාහන සභාවේ සභාපති, මේජර් ජෙනරාල් මොහොමඩ් සෙයිඩ් අල්- සාෆින් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)


RECOMMEND POSTS