අනතුරින් පහක් මරුට: 13 කට තුවාල



ඉරාකයේ කර්බලා නගරය බලා ධාවනය වෙමින් තිබු බස් රථයක් දකුණු දිග අල්-නසිරියා හි ටල් අල්-ලහම්මාර්ගයෙන් ඉවතට පැන පෙරළි යෑම හේතුවෙන් කුවේට් ජාතිකයින් 5දෙනෙකු ජීවිතක්ෂයට පත් වී දහතුන් දෙනෙකු බරපතල තුවලා ලබා ඇති බව අල්-කබාස් පුවත්පත වාර්තා කළේය.

තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා අල්-නසිරියා නගරයේ පිහිටා ඇති අල්-හුසේන් රෝහලට ඇතුල් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති අතර තුවාලකරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳව රෝහල් බලධාරීන් කිසිවක් ප්‍රකාශ කර නොමැත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS