අනතුරකින් සිසුන් 5 ජිවිතක්ෂයට



සෞදි අරාබියේ සිදු වු මාරක මෝටර් රථ අනතුරකින් පාසල් සිසුන් පස්දෙනෙක් (05) ජිවිතක්ෂයට පත් වී ඇත.

මෝටර් රථ අනතුරු අල්-උලා ආණ්ඩුකාර ප්‍රදේශයේ මාර්ගයක සිදු වී ඇති අතර අනතුරින් එකම පවුලේ සහෝදරයන් තිදෙනෙක් ජිවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ.

පාසල් ළමුන් රැගත් බස්රථයක් විරුද්ධ දිශාවෙන් පැමිණි කාරයක මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදු වී ඇති අතර පාසල් ළමුන් දෙදෙනෙක් තුවාල ලබා ප්‍රතිකාර ලබාදීම සඳහා රෝහල් ගත කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS