අනතුරකින් ගුවන්සේවිකාවක් මියයයි



සෞදි ජාතික ගුවන් සේවයේ සේවය කළ ගුවන් සේවිකාවක් හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ.

රියාද් නුවර කලීඩ් රජු අන්තර්ජාතික ගුවන්තොටුපොලට ජාතික ගුවන් සේවයේ සේවක පිරිසක්ප්‍රවාහනය කරමින් තිබු බස් රථයක් තාප්පයක ගැටීමෙන් අනතුර සිදු වී ඇති අතර අනතුරින් ගුවන් සේවිකාවක් මියගොස් එකොළොස් දෙනෙක් තුවාල ලබා ඇත.

අනතුරින් තුවාල ලබු සේවකයන් කීපදෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර ඇත.

බස් රථයේ සිරවී සිටි සේවකයන් බේරාගෙන රෝහල් ගත කිරීමට රථවාහන පොලිසිය සහ පරිපූරක වෛද්‍යවරුන් කටයුතු කර ඇත.

ගුවන් සේවිකාවගේ අභාවය ගැනසෞදි ජාතික ගුවන් සේවය ශෝකය පළ කිරීමට කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS