අනතුරකින් කම්කරුවෝ 6 මරුට



කුවේටයේ සනීපාරක්ෂක ජලාපවහන ව්‍යාප්තියක සිදු වු අනතුරකින් ආසියාතික කම්කරුවන් හය දෙනෙක් ජිවිතක්ෂයට පත් වී ඇත.

මුට්ලා නිවාස නගර ව්‍යාපෘතියට අයත් සනීපාරක්ෂක ජලාපවහන පද්ධතියේ ඉදිකිරීම් කටයුතු අතරතුර පස් බැම්මක් කඩාවැටීම හේතුවෙන් කම්කරුවන් පිරිස ජිවිතක්ෂයට පත් වී ඇති බව කුවේට් ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පවසනවා.

කම්කරුවන් හතර දෙනෙක්ගේ මළසිරුරු මුලින් හමු වී ඇති අතර දෙදෙනෙක්ගේ සිරුරු පසුව හමු වී ඇත.

කම්කරුවන් තිදෙනෙක්ගේ ජීවිත බේරාගැනීමට සහන සේවකයන් සමත් වී ඇති අතර හතර දෙනෙක් පිළිබඳව කිසිදු තොරතුරුක් මෙතෙක් වාර්තා වී නොමැත.

අනතුරු ඇති වීමට හේතු වු කරුණු සෙවීමට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්හන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS